Gold Body Oil
LKR 2600.00
- IN Stock
🌿මෙම ඇග ගල්වන ආලේපනය තෙල් ආලේපනයකි. මෙය තල තෙල් , ඔලිව් තෙල් , වෙනිවැල්ගැට, කස්තුරි කහ, වැලි මී, කොකුම් පොතු, වැල් මදටිය, සුදු හදුන්, රත්මල්, විටමින් E, කෝමාරිකා ඇතුළු තවත් රහසිගත ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගනිමින් සමට ඉතාම හිතකරව 100%ක් ස්වභාවිකව නිශ්පාදනය කර ඇත.මෙම ආලේපනය ශරීරයේ ඕනෑම ස්ථානයක ආලේප කල හැකිය...
🌱ඇස් යට කලු වීම නැති කරයි
🌱කුරුලෑ ලප කැලැල් ඉවත් වේ
🌱සම පිරිසිදු වේ
🌱සම නිරෝගී සහ පැහැපත් වේ
🌱 රන්වන් පැහැ සිරුරක් ලබා දේ
🌱 සම වියලීම , කොරපොතු, ඉරි තැලීම් , සමෙහි රෝග අලුහම් දද කුශ්ඨ වැනි දේ හටගැනීම වලක්වා සම පිරිසිදු කරයි
🌱කිහිලි , ඉකිලි, තට්ටම, රහස් ප්‍රදේශ, දණහිස්, වැලමිට, බෙල්ල, කට වටේ, වැනි ශරීරයේ අදුරු ස්ථාන වල ආලේප කිරීමෙන් අදුරු බව නැති වී දීප්තිමත් වේමෙවැනි තවත් බොහෝ වාසීන් ඇති ඖෂධීය වට්ටෝරුවකට මෙය නිශ්පාදනය කරනු ලැබේ...
🌿තෙල් සහිත සමක් ඇති අයෙකු නම් මුළු මුහුනේම ආලේප නොකිරීමට වග බලා ගන්න. මුහුණේ ඇති ලප කැලැල් වල පමණක් ආලේප කරන්න.( මුහුණේ ආලේප කිරීමෙන් ගැටලුවක් නොවේ නමුත් තෙල් සහිත සමක් තියන අයකු භාවිතා කරන විට මුහුණේ තෙල් ගතිය වැඩිපුර පෙනීමට පටන් ගනී) ශරීරයේ පුරාම ආලේප කිරීම ගැටලුවක් නොවේ.
🌿මෙය ආලේප කල යුත්තේ උණුවතුර කෝප්පයක් ගෙන එය ඇතුලට ඇලුමීනියම් පොඩි කප් එකකට තමන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය දමා රත් කරගෙනය.
🌿දිනපතා ආලේප කිරීමට හැකිය.
🌿ආලේප කර පැය 2-3 ක් තිබීම ප්‍රමාණවත් වේ. අලේපනය ඉවත් කිරීමට ඔබ ගල්වන බොඩි වොශ් හෝ සබන් යොදා සෝදා හරින්න.
🌿මෙය ආලේප කර තිබියදී වෙනත් දේවල් ඊට උඩින් නොගෑමට වග බලා ගන්න.






